Brand |
|
|
Weight |
.53 cm |
|
Dimensions |
14.50 cm x 22.40 cm x 2.20 cm |
|
Supplier |
Manoj Chathuranga |
|
Item Condition |
Brand New |
|
Delivery Calc. |
Automatic (Weight Based) |
|
ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වන්න යන්නේය.
නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමකාමී ජීවිත ගත කරති. නිකොලස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමූ රහසක් ඔහුගේ පවුලට තර්ජනයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය.
දිවි ගලවා ගන්නට නම් ඔවුන්ට ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමග ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අට දෙනෙකු පමණි. එයින් දෙදෙනෙකු අලෙක්ස්ගෙන් තෑගි ලැබුණු ඉතාමත් වටිනා ලිපිසානර් අශ්වයන්ය. මේ අනර්ඝ සතුන් ඔවුන්ට අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නිකොලස්ට ප්රසිද්ධ රිංග්ලිංග් සහෝදරයන්ගේ සර්කසයේ රස්සාවක් ලබා දෙමිනි. එහිදී නිකොලස් හා ඔහුගේ සුදු අශ්වයා, පෙගසස් ඔවුන් පවත්වන සංදර්ශනවල වැදගත්ම අංගය බවට පත් වන්නේය. සුන්දර කම්බි මතින් ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගන්නීය.
නමුත් වසර ගණනාවක් පැවැත්වෙන යුද්ධය බොහෝ හානි සිදු කරදිදී නිකොලස් ඔවුන්ගේ අලුත් ජීවිතයට හැඩ ගැසෙන්න දැඩි වෑයමක් දරන්නේය. මේ අතරතුර යුරෝපයේ ඉන්නා අලෙක්ස් හා ඔහුගේ දියණිය දිනෙන් දින වැඩි වෙන අනතුරුදායක තත්වයන්වලට මුුුුුහුණ දෙති. අත්ලාන්තික් සාගරය දෙපසින් ඇති රටවල් දෙකටම බොහෝ දුක සිතෙන සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙද්දී තමන්ගේ සතුට දෛවය විසින් තීරණය කරන අවධීයක මුහුණ දෙන මේ පවුල් දෙකට කුමක් සිදු වන්නේද?
Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.