Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

ආශිර්වාද ප්‍රකාශන කෘති එකතුව (පෙගසස්, හිරෝකෝ)

SKU: 010481385-1

Product Code : 010481385

Publisher : Hot Deals

Author : Hot Deals

  • AUD 21.50
  • AUD 18.25

පෙගසස් ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වන්න යන්නේය. නිකොලස්ට ජීව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පෙගසස්- ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වන්න යන්නේය. නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමකාමී ජීවිත ගත කරති. නිකොලස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමූ රහසක් ඔහුගේ පවුලට තර්ජනයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය. දිවි ගලවා ගන්නට නම් ඔවුන්ට ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමග ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අට දෙනෙකු පමණි. එයින් දෙදෙනෙකු අලෙක්ස්ගෙන් තෑගි ලැබුණු ඉතාමත් වටිනා ලිපිසානර් අශ්වයන්ය. මේ අනර්ඝ සතුන් ඔවුන්ට අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නිකොලස්ට ප්‍රසිද්ධ රිංග්ලිංග් සහෝදරයන්ගේ සර්කසයේ රස්සාවක් ලබා දෙමිනි. එහිදී නිකොලස් හා ඔහුගේ සුදු අශ්වයා, පෙගසස් ඔවුන් පවත්වන සංදර්ශනවල වැදගත්ම අංගය බවට පත් වන්නේය. සුන්දර කම්බි මතින් ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගන්නීය. නමුත් වසර ගණනාවක් පැවැත්වෙන යුද්ධය බොහෝ හානි සිදු කරදිදී නිකොලස් ඔවුන්ගේ අලුත් ජීවිතයට හැඩ ගැසෙන්න දැඩි වෑයමක් දරන්නේය. මේ අතරතුර යුරෝපයේ ඉන්නා අලෙක්ස් හා ඔහුගේ දියණිය දිනෙන් දින වැඩි වෙන අනතුරුදායක තත්වයන්වලට මුුුුුහුණ දෙති. අත්ලාන්තික් සාගරය දෙපසින් ඇති රටවල් දෙකටම බොහෝ දුක සිතෙන සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වෙද්දී තමන්ගේ සතුට දෛවය විසින් තීරණය කරන අවධීයක මුහුණ දෙන මේ පවුල් දෙකට කුමක් සිදු වන්නේද? හිරෝකෝ- 1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අතහැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆෝනියාවේ සිටින ඇගේ ඥාතීන් ජපන් ජාතිකයන් වුවද වඩාත් අමෙරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්වවිද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවීමත් සමඟ ඇය සාම්ප්‍රදායිකත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී. 1941 දෙසැම්බර් මාසයේදී ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමඟම ඇමෙරිකාව-ජපානය යුද්ධයක පැටලේ. ආගන්තුක දේශයක සතුරෙකු බවට පත්වන හිරෝකෝ සිය කැලිෆෝනියා ඥාතීන් සමඟ කඳවුරක දිවි ගෙවයි. මනුෂ්‍යයාගේ දුක, වේදනාව හා ශක්තිය එමෙන්ම ආදරය යන මාතෘකා ඔස්සේ ගලා යන මෙම කතාවේ අවසානය කෙබඳු වේද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!